අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

රමණිය සුන්දර කදු යායකින් වට වූ මනරම් වූ ගලා බසින දියදහරකින් පෝෂණය වන සරුසාර කෙත් වතුවලින් පිරුණු අඹ රඹුටන් කොස් දෙල් සහ කෙසෙල් ආදී තුරුලතාවන්ගෙන් පිරි සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කිණිගොඩ කෝරළයේ පුවක්දෙනිය නම් ග්‍රාමයේ කෑගල්ල රඹුක්කන මාර්ගයේ කෑගල්ල නගරයේ සිට 4km ක දුරින් පුවක්දෙණිය කනිෂ්ට විද්‍යාලය ප්‍රාථමික හා ද්විතීයික අංශය ලෙසින් භූමි 2 ක ස්ථාපිතව ඇත. දැනට 1 සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර සිසු සිසුවියන් 415 ක් පමණ අධ්‍යාපනය ලබති.බහුතරය බෞද්ධයන් වන අතර කතෝලික හා හින්දු සුළුතරයක්ද අධ්‍යාපනය ලබති.විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය 35 දෙනෙකුත් අනධ්‍යන කාර්යමණ්ඩලය 3 දෙනෙකුගෙනුත් සමන්විත පාසලකි. පැරණි ගොඩනැගිලි 2 කින් ප්‍රාථමික අංශයත් ද්විතික අංශය පැරණි ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලත් විද්‍යාගාරය ගුරු විවේකාගාරය සහ පුස්තකාල ගොඩනැගිල්ලත් නව දෙමහල් සහ තෙමහල් ගොඩනැගිලි 2 කිනුත් විදුහල්පති නිල නිවාසයකිනුත් නව බුදු මැදුරකිනුත් සමන්විතය.දරුවන්ගේ තාක්ෂණික දැනුම පුළුල් කිරීමට පරිගණක විද්‍යාගාරයක්ද සැකසා ඇත.පාසලේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සබරගමුව පළාත් ඵල සපිරි තරඟාවලියේදී කලාප මට්ටමේ සිට 2012 දී රජත සම්මානය දිනාගනු ලැබීය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

කෑගල්ල කලාපය තුළ භෞතික මානව සම්පත් උපයෝජනයේ විශිෂ්ටත්වයට පත්වීම

දැක්ම

සහ

මෙහෙවර

නිර්මාණශීලී පරිකල්පනයෙන් යුත් ගුණ නැණිති අභිමානවත් පරපුරක් දැයට දායාද කිරීම

දැක්ම

සහ

මෙහෙවර

කෑගල්ල කලාපය තුළ භෞතික මානව සම්පත් උපයෝජනයේ විශිෂ්ටත්වයට පත්වීම

නිර්මාණශීලී පරිකල්පනයෙන් යුත් ගුණ නැණිති අභිමානවත් පරපුරක් දැයට දායාද කිරීම

දුරුතු පෙරපෝහොය වැඩසටහන

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පුවක්දෙණිය ආදර්ශ විද්‍යාලය
රන් අස්වනු මංගල්‍යය 2024