විදුහල්පති පණිවිඩය
ඩබ්. අයි . වීරකෝන්
කෑ/ පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය කෑගල්ල නගරයට ආසන්නව පිහිටා ඇති සුන්දර වටාපිටාවකින් යුත් ආදර්ශ පාසලකි. විවිධ දක්ෂතා වලින් යුත් දරුවන් පාසලේ ඉගෙනුම ලබන අතර ක්‍රීඩා , නර්තනය,භාෂා සහ විවිධ තරග වලට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ඇත. තොරතුරු තාක්ෂණ අංශයෙන්ද දක්ශතා දක්වන සිසුන් සිටින අතර මින් පෙරද පාසල පාදක කර ගනිමින් වෙබි අඩවියක් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන ගුරු මහත්මින්ද හේතුපාදක වී ඇති අතර මෙවර වෙබ් අඩවිය නිර්මාණය සඳහා ඉදිරිපත්ව ඇති දරුවන් ද සුවිශේෂී දක්ෂතා දක්වන්නන් වන අතර ඒ වෙනුවෙන් පාසලේ ප්‍රණාමය සහ ස්තූතිය පුද කරමින් ඔවුන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවායි සුභාශිංසන ලබාදෙමි
ඩබ්. අයි . වීරකෝන්
විදුහල්පති
කෑ/ පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය.




