පාසලේ ඉතිහාසය

දුරුතු පෙරපෝහොය වැඩසටහන

 

නිකතැන්නේ ගෙදර පුංචිබණ්ඩාර මහතාගේ සහ කීර්තිරත්න මහතාගේ පරිත්‍යාගයෙන් ලද භූමියෙහි 1957 බක්මස 8 වන දින සිසු දරු දැරියන් 13 දෙනෙකුගෙන් හා 4 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයෙන් ආරම්භ විය. කටු මැට් ගැසූ බිත්ති සහ පොල්අතු වහලකින් යුත්මෙම විදුහලේ ආරම්භක ගුරුතුමිය වන දාම්පේ ගෙදර මහත්මිය ආරම්භක යුගය සාර්ථක කර ගැනීමටත් විද්‍යාලය පවත්වාගෙන යාමටත් මහත් වෙහෙසක් දරා ඇත. මෙහි ආරම්භක විදුහල්පති සමරසිංහ මහතා උපදේශක විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත. එදා සිට මේ දක්වා විදුහල්පතිවරුන් 16 දෙනකුගේ සේවය ලැබූ අතර වර්තමාන විදුහල්පතිනිය වන H.W වසන්නා මිය අතගි සේවයක් ලබා දීම,විදුහලේ සංවර්ධනයට මහත් පිටුවහලකි. අප පාසලේ ආරම්භයේ පටන් පාසලේ උන්නතිය සදහා කැපවූ ගුරු පිරිසක් සිටි අතර වර්තමානයේ 23 දෙනෙකුගෙන් යුත් ගුරුමණ්ඩලයක් හා අනධ්‍යන කාර්යමණ්ඩලය සමාජිකයන් දෙදෙනෙකුගෙන් සේවය විදුහලට ලබා දෙන අතර ඒ හේතුව මුකොට ගෙන පාසල් දරුවන් සුවිශේෂී හැකියා පෙන්වා ඇත. 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස(සාපෙළ) විභාගයේදී විශේෂ දක්ෂතා පෙන්වූ දරුවන් රැසක් විදුහලේ ඉතිහාසය වර්ණවත් කර ඇත.

1592 වර්ෂයේ ප්‍රථම වතාවට ශිෂ්‍යයන් 5 දෙනෙකු ශිෂපත්වයෙන් සමත් වී ඇති අතර 2009 වර්ෂයේදී එම සංඛ්‍යාව 8 දක්වා වර්ධනය වූයේ දිස්ත්‍රික්කයේ 7වන ස්ථානයද විදුහලට ලබාදීමෙනි.2000 වසාර් දී ථම වතාවට සාපෙළ සාමාර්ථ 8 ක් ලබා ගැනීමට හැකිවීම පාසල ලබාගත් මහගු ජයග්‍රහනයකි. නගරයේ පාසල් අතර ප්‍රථම වතාවට කලා අංශයෙන් සාමාර්ථ 4 ක් ලබා දීමට හැකියාව ලබා ඇත්තේ අප විදුහලෙන් සාපෙළ සමත්වූ ශිෂ්‍යාවකටය.13 වර්ෂයේ සිංහල භාෂා තරගයෙන් රන් පදක්කමක් ලබා ගැනීමට මෙම පාසල් සිසුවකු සමත් විය 2007 වර්ෂයේ නර්ථන අංශයත් සබරගමු පළාත් දෙවන ස්ථානයද 2009 වර්ෂයේ ප්‍රථම ස්ථානයද 2013 වර්ෂයේ සබරගමු පළාත් ඒකල නව නිර්මාණ ප්‍රසාංගික නර්ථන (ගැහැණු) තරගයෙන් ප්‍රථම ස්ථානයද ලබා ගැනීමටත් සමස්ත ලංකා තරගය සදහා ඉදිරිපත් වීමටත් අවස්ථාව උදා විය.වලිය සංගිත කණ්ඩායම කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය ලබාගත් අතර පළාත් තරගය සදහා ඉදිරිපත් විය 2009 වර්ෂයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සබරගමු ක්‍රීඩා තරගය නියෝජනය කිරීමට මෙම විදුහලේ සිසු සිසුවියන් සුදුසුකම් ලැබූහ. 2009 වසයේ ලැබූ තවත් සුවිශේෂ ජයග්‍රහණ අතරට පාසල් ඵළදායිතා සම්මාන තරගාවලියෙන් සබරගමු පළාත්,කුසලතා සම්මානයද 2000-2011 ජාතික ඵලදායිතා සම්මාන් තරගාවලියෙන් ඵලදායිතා 2 D සම්මානයෙන්ද 2010 සබරගමු පළාත් ඵලසපිරි පාසල් තරගාවලියෙන් විශිෂ්ඨ සම්මානයෙන්ද 2011-2012 කෑගල්ල කපිය එලසපිට් තරගාවලියෙන් රජත සම්මානයද 2012-2013 සබරගමු පළාත් පාසල් ඵලසපිරි කරගාවලියේ (500ට අඩු) කලාප මට්ටමන් තේරී පත්වුණ අතර පළාත් තරගය සදහා රන් සම්මානය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.

2002 වසර සිසු සිසුවියන් රන් අස්වනු දීප ව්‍යාප්ත පාසල් ගොවිපළ තරගයෙන් තැකල්ල කලාපයේ ප්‍රථම ස්ථානයද සබරගමු පළාත් ප්‍රථම ස්ථානයද හිමිකර ගෙන ඇත. සමස්ථ ලංකා තරගය සදහා ඉදිරිපත්ව ප්‍රතිපල අපේක්ෂාවෙන් පසුවේ සිංහල භාෂා දින "ජයග්‍රාහකයන්ගේ සංඛ්‍යාවද වසරෙන් වසර ඉහිල තලයකට ගමන් කර ඇත.සමාජ විද්‍යා දැනුම මිනුම තරයෙන් පළාත් මට්ටමෙන් තෙවන ස්ථානයද හිමි විය.